Local News

රට ගොඩගත හැකි දර්ශනයක් සහිත කණ්ඩායමට බලය ලබා දෙන ලෙස සජිත් ප්‍රේමදාස කියයි.

රට ගොඩගත හැකි දර්ශනයක් සහිත කණ්ඩායමට බලය ලබා දෙන ලෙස සජිත් ප්‍රේමදාස කියයි.

ලක්ෂ 220ක ජනතාවගේ ජීවිත එක්ක තමා සෙල්ලම් නොකරන බව සමගි ජන බලවේගයේ හා සමගි ජන සන්ධානයේ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

කවුරු කාට ඡන්දය දුන්නත් 2028 සිට නැවතත් ණය ගෙවන්න සිදු වන බවත් රට ගොඩගත හැකි දර්ශනයක් සහිත කණ්ඩායමට බලය ලබා දෙන ලෙස ඔහු කියා සිටියා.

ඔහු මේ බව පැවසුවේ මහරගම සංවිධායක ගාමිනී තිලකසිරිගේ මූලිකත්වයෙන් පැවැති ජන හමුවකදීය.

එහිදී ඔහු කියා සිටියේ ජනාධිපතිවරයා සමග එක්ව කටයුතු කරන්න තමාට ගැටලුවක් නොමැති බවත් අන්තවාදී ලෙස සිතා කරන කියන හැමදේම පක්ෂග්‍රාහී වී දේශපාලන තීන්දු තීරණ ගන්න අය එක්ක ප්‍රශ්න ඇති වුවත් තමාට එවැනි ප්‍රශ්න නොමැති බවයි.

ලක්ෂ 220 ජනතාවගේ ජීවිත එක්ක තමා සෙල්ලම් නොකරන බවත් අවංකම පිරිසුදුව හොද දැක්මක් තුළ අඩුපාඩු පෙන්වා දී විකල්ප වැඩසටහන් ක්‍රියාත්මක කරන බවත් සමගි ජන බලවේගයේ නායකත්වය තුළ ක්‍රියාත්මක පාර්ලිමේන්තු බහුතරයක් හරහා වත්මන් ජනාධිපතිවරයා සමඟ රට වෙනුවෙන් කැපකිරීම් කළ හැකි බවත් සජිත් ප්‍රේමදාස මෙහිදී කියා සිටියා.

එමෙන්ම මීට වඩා සහනදායී අයි එම් එෆ් ගිවිසුමකට යා හැක්කේ සමගි ජන බලවේගයට පමණක් බවත් ජනතාවගේ කරපිට පීඩනය අවම කරන ගිවිසුමකට යා හැක්කේ සමගි ජන බලවේගයට බවත් මේ සඳහා දක්ෂතාවෙන් කුසලතාවෙන් නිපුණතාවෙන් හෙබි කණ්ඩායම සිටින්නේ සමගි ජන බලවේගයට බව සජිත් ප්‍රේමදාස වැඩිදුරටත් කියා සිටියා.

Related Articles

Back to top button