Local News

නිල ඡන්ද පත්‍රිකා බෙදීමේ විශේෂ දිනය අද

නිල ඡන්ද පත්‍රිකා බෙදීමේ විශේෂ දිනය අද

පළාත් පාලන මැතිවරණයට අදාළ ඡන්ද විමසීමේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීමේ විශේෂ දිනයක් ලෙස අද (27) දිනය ප්‍රකාශයට පත් කර තිබේ.

ඒ අනුව අද දිනයේදී සියලුම නිල ඡන්ද පත්‍රිකා ඡන්ද හිමියන් වෙත බෙදා දීමට තැපැල් දෙපාර්තමේන්තුව විසින් පියවර ගෙන තිබේ.

මේ අතර නිල ඡන්ද පත්‍රිකා බෙදීම එළැඹෙන 29 වැනි දින අවසන් කිරීමට නියමිත බවද මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

ඒ අනුව එදින වන විට නිල ඡන්ද පත්‍රිකා නොලැබූ ඡන්ද හිමියන්ට සිය ඡන්ද හිමි නාමලේඛනයේ තමන් ලියාපදිංචි ලිපිනයට අදාළ තැපැල් කාර්යාලය වෙත ගොස් ස්වකීය අනන්‍යතාව ප්‍රකාශ කිරීමෙන් අනතුරුව නිල ඡන්ද දැන්වීම්පත ලබා ගත හැකි බවත් මැතිවරණ කොමිසම පැවසීය.

Related Articles

Back to top button