World

දකුණු කාශ්මීරයේ වෙඩි තැබීමේ සිද්ධියට පුද්ගලයින් 19 දෙනෙකු අත්අඩංගුවට

දකුණු කාශ්මීරයේ වෙඩි තැබීමේ සිද්ධියට පුද්ගලයින් 19 දෙනෙකු අත්අඩංගුවට

ඉන්දියාවේ දකුණු කාශ්මීරයේ පහල්ගම්හී ජනප්‍රිය සංචාරක ප්‍රදේශයක සිදුකළ වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවන් 19 දෙනෙකු ඉන්දීය ආරක්ෂක විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

දකුණු කාෂ්මීරයේ සිදුවූ එම වෙඩි තැබීමෙන් පුද්ගලයින් 26 දෙනෙකු මියගොස් තවත් පුද්ගලයින් රැසකට තුවාල සිදුවිය.

ප්‍රහාරයෙන් ඉන්දීය නාවික හමුදා නිලධාරියෙකු මෙන්ම බුද්ධි කාර්යංශයේ නිලධාරියෙකුද මිය ගොස් තිබුණි.

ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණේ මෙය ජම්බු කාශ්මීර ප්‍රදේශයේ මෑතකදී සිදුවූ දරුණුතම ප්‍රහාරය මෙය බවය.

ඇසෑම්, මේඝාලය සහ ත්‍රිපුර යන ප්‍රාන්තවල මෙම අත්අඩංගුවට ගැනීම් සිදුව ඇති අතර අත්අඩංගුවට පත් වූවන් අතර අතර මන්ත්‍රීවරයෙකු, මාධ්‍යවේදියෙකු, සිසුන්, නීතිඥයෙකු සහ විශ්‍රාමික ගුරුවරුන් ඇතුළත් බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.

මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හේතු වී ඇත්තේ ඔවුන් සිය සමාජ මාධ්‍ය තුළ ඉන්දීය විරෝධී සටහන් පළ කිරීම සම්බන්ධයෙනි.

Related Articles

Back to top button