Local News

පනත් කෙටුම්පතක් පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය පාර්ලිමේන්තුවට දැනුම් දෙයි

පනත් කෙටුම්පතක් පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය පාර්ලිමේන්තුවට දැනුම් දෙයි

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) ව්‍යවස්ථාව ප්‍රකාරව, ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කරන ලද “අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන)” නැමැති පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා විසින් අද (20) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව, පනත් කෙටුම්පතේ කිසිදු විධිවිධානයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කිසිදු ප්‍රතිපාදනයකට පටහැනි බවට නිගමනය කිරීමට කිසිදු කරුණක් නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය වූ බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දු කර ඇති අතර ඒ අනුව පෙත්සම්කරු විසින් පෙත්සම ඉල්ලා අස්කර ගන්නා බව අධිකරණයට දැනුම් දී ඇති බවත් ඒ අනුව, පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අවසර ලබා දී පෙත්සමේ ඉදිරි කටයුතු අවසන් කර එය නිෂ්ප්‍රභ කර ඇති බවත් කථානායකවරයා විසින් පාර්ලිමේන්තුවට අද දැනුම් දුන්නේය.

Related Articles

Back to top button