Local News

දේශබන්දු අදත් පාර්ලිමේන්තු විමර්ශන කමිටුව හමුවට

දේශබන්දු අදත් පාර්ලිමේන්තු විමර්ශන කමිටුව හමුවට

පොලීස්පති ධූරයේ බලතල අනිසි ලෙස යොදා ගැනීම සම්බන්ධයෙන් විමර්ශනයට පත් කළ කමිටුව හමුවේ අද (28) යළිත් පොලීස්පති දෙශබන්දු තෙන්නකෝන් පෙනී සිටිමට නියමිතව තිබේ.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීතිපද්මන් සූරසේනගේ සභාපතිත්වයෙන් යුත් එම විමර්ශන කමිටුව ඒ සඳහා අද පස්වරු 2.00ට රැස්වීමට නියමිතයි.

පසුගිය 19වනදා පොලීස්පති දේශබන්දු තෙන්නකෝන් පළමුවරට එම විමර්ශන කමිටුව හමුවේ පෙනී සිටියේය.

ඔහුට එරෙහිව ඉදිරිපත් කර ඇති චෝදනා සම්බන්ධයෙන් අද දිනයේ ඔහු නිදහසට කරුණු දැක්වීමට නියමිතව තිබෙන බවයි වාර්තා වන්නේ.

Related Articles

Back to top button