Local News

මත්ද්‍රව්‍ය පිරවූ යාත්‍රා 2 ගොඩබිමට රැගෙන එයි

මත්ද්‍රව්‍ය පිරවූ යාත්‍රා 2 ගොඩබිමට රැගෙන එයි

දකුණු වෙරළට ඔබ්බෙන් වූ ගැඹුරු මුහුදේ දී ඊයේ (27) නාවික හමුදා භාරයට ගනු ලැබූ බහුදින ධීවර යාත්‍රා දෙකෙහි හෙරෙයින් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 450ක් තිබී සොයාගෙන ඇත.

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය එක්ව සිදුකළ මෙම මෙහෙයුමේදී ධීවරයින් 11ක්ද අත්අඩංගුවට ගෙන තිබේ.

ඔවුන් දෙවුන්දර ප්‍රදේශයේ පදිංචිකරුවන් බව බව සඳහන්.

නාවික හමුදා භාරයට ගත් මෙම යාත්‍රා දෙක මේ වනවිට දික්ඕවිට වරාය වෙත රැගෙනවිත් තිබේ.

Related Articles

Back to top button