
අල්ලස් කොමිසම විසින් කොළඹ මහාධිකරණය හමුවේ තමන්ට එරෙහිව ගොනු කර ඇති නඩුවට එරෙහිව පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක ගොනුකළ පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.
මුදල් අමාත්‍යවරයා ලෙස සිටියදී පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක වාසය කළ සුඛෝපබෝගී නිවසේ කුලිය ගෙවීම පර්පචුවල් ටේරෂරිස් සමාගමේ ප්‍රධානියා වූ අර්ජුන ඇලෝසියස්ට පැවරිම සම්බන්ධයෙන් අල්ලස් කොමිසම මහාධිකරණය හමුවේ නඩු පවරා තිබුණා.
රුපියල් 14 ලක්ෂ පනස් දහසක් මාසික කුළිය ලෙස ගෙවා තිබූ අතර රවී කරුණානායක වෙනුවෙන් මාස 8ක කාලයක් අර්ජුන ඇලෝසියස් මෙලෙස කුලිය ගෙවා ඇති බවයි අල්ලස් කොමිසම මහාධිකරණය වෙත දැනුම් දී තිබුණේ.
කෙසේ වෙතත් අල්ලස් පනත යටතේ, අමාත්‍යවරයෙකුට එරෙහිව නඩු පැවරිය නොහැකි බව රවී කරුණානායකගේ නිතීඥයින් තර්කයක් මතුකර තිබූ අතර එය මහාධිකරණය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබුවා.
එම නියෝගයට එරෙහිවයි පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක ශ්‍රේෂ්ඨාධිකරණය වෙත අභියාචනාවක් ගොනු කර තිබුණේ. කෙසේ වෙතත් එය ප්‍රතික්ෂේප කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්දී ඇත්තේ තම අධිකරණය හමුවේ අභියාචනාවක් ගොනු කළ හැක්කේ, මහාධිකරණයෙන් වරදකරු කළහොත් පමණක් බවයි.
එමෙන්ම ආපදා කළමනාකරණ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ සමයේ නෙදර්ලන්ත රජය මගින් පරිත්‍යාග කළ සුඛෝපභෝගී ජීප් රථයක් සිය පෞද්ගලික පරිහරණයට යොදා ගැනීම තුළින් හිටපු අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි ජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ගොනු කළ පෙත්සම සලකා බැලීම සඳහා නොවැම්බර් මස 4 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ නියෝග කළා.