Local News

පොළොන්නරුව – මඩකලපුව ප්‍රධාන මාර්ගයේ ගමනාගමනය නතර කරයි

පොළොන්නරුව - මඩකලපුව ප්‍රධාන මාර්ගයේ ගමනාගමනය නතර කරයි

පොළොන්නරුව මඩකලපුව ප්‍රධාන මාර්ගයේ මනම්පිටිය ගල්ලෑල්ල ප්‍රදේශයේ ජලයෙන් යටවීම හේතුවෙන් එම මාර්ගයේ ගමන් ගන්නා සියලුම රථවාහන සඳහා ගමනාගමනය අද (27) දින සිට නැවතදැනුම් දෙන තුරු සම්පූර්ණයෙන් වසා තැබීමට කටයුතු කර ඇත.

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් සිදුකර ඇති බව පොලීසිය පවසයි.

අවශ්‍ය පරිදි මහජනතාවට දුම්රියෙන් ගමන් කළ හැකි බව පොලීසිය වැඩිදුරටත් දැනුම් දී තිබේ.

Related Articles

Back to top button