
රූපලාවණ්‍ය උපකරණ ලබා දෙන බව පවසා ව්‍යාපාරිකයකුගෙන් රුපියල් 14,85000/= ක මුදලක් වංචා කිරීමේ සිද්ධියට අදාලව අධිකරණයේදී වරද පිළිගත් විත්තිකාරියකට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්.බෝදරගම අද(3) අවුරුදු 5ක අත්හිටවු සිර දඬුවමක් ලබා දීමට නියම කළා.
සිද්ධියට අදාල විත්තිකාරිය අධිකරණයේ පෙනී සිටි අවස්ථාවේදී මෙලෙස නියෝග කළා.
සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු දැක්වූ වංචාව විමර්ශන කාර්යාංශය සඳහන් කර සිටියේ සිද්ධියට අදාලව සැකකාරිය පැමිණිලිකාරියට අදාල මුදල ගෙවා අවසන් බවයි.
ඒ අනුව අධිකරණයේදී වරද පිළිගත් ඇයට අත්හිටවූ සිර දඬුවම් ලබාදීමට අධිකරණයෙන් නියම කළා.



