Local News

අද විපක්ෂය හැසිරෙන්නේ ඔටුන්න කුණු කාණුවක් දිගේ ඇවිත් හරි ඔලුවට වැටෙයි කියා බව ටිල්වින් කියයි

අද විපක්ෂය හැසිරෙන්නේ ඔටුන්න කුණු කාණුවක් දිගේ ඇවිත් හරි ඔලුවට වැටෙයි කියා බව ටිල්වින් කියයි

අද විපක්ෂය හැසිරෙන්නේ ඔටුන්න කුණු කාණුවක් දිගේ ඇවිත් හරි ඔලුවට වැටෙයි ඇතැයි සිතා බවත් ඔවුන් රටට ම විපතක්, සාපයක් බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසයි.

ඔහු මේ බව පැවසුවේ, ඊයේ (අප්‍රේල් 5) වව්නියාවේ පැවති අප්‍රේල් විරු සමරුව අමතමින් ය.

සාමාන්‍ය ආකාරයට විපක්ෂයක අරමුණ ආණ්ඩු බලය ගැනීම වුවත් වත්මන් විපක්ෂය එය ලබාගන්නට යන්නේ ප්‍රජාතන්ත්‍රවාදීව නොවන බවත් ඔවුන්ට ජනතාව සංවිධානය කිරීමට තියා ඉවසීමක් වත් නොමැති බවත් ප්‍රධාන ලේකම්වරයා පෙන්වා දුන්නේය.

කෙසේ වුවත් ජනතාවට වත්මන් ආණ්ඩුව රකින්න අවශ්‍ය යැයි හැඟුනොත් පාරට බැස හෝ ආණ්ඩුව රැක ගැනීමට සටන් වදිනු ඇතැයි ඔහු කීය.

Related Articles

Back to top button