බොහෝ දුරට අද ඉරානයට ප්‍රහාර එල්ල කරනවා – ඩොනල්ඩ් ට්‍රම්ප්

අමෙරිකාව සහ ඉරානය අතර ඊයේ (07) අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රහාර එල්ල කර ගැනීමෙන් අනතුරුව, අද (08) රාත්‍රියේදී ද ඉරානයට “බොහෝ දුරට ප්‍රහාර එල්ල කරන” බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබෙනවා.

ඒ සමඟම, ඉරානයට එරෙහිව නැවතත් නාවික අවහිරතාවක් පැනවීමට කටයුතු කරන බවට ද ඔහු අනතුරු අඟවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මේ වන විට තුර්කියේ පැවැත්වෙන නේටෝ (NATO) රාජ්‍ය නායක සමුළුවට සහභාගී වී සිටින ජනාධිපති ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත්තේ, දෙරට අතර පැවති අවබෝධතා ගිවිසුම “දැන් අවසන්” බවයි.

කෙසේ වෙතත්, ඉරානය සමඟ සාකච්ඡා ඉදිරියට ගෙන යාමේ හැකියාවක් පවතින බව මීට පෙර ඔහු ප්‍රකාශ කර තිබුණා.