දික්කසාද නීතිය සම්පූර්ණයෙන් ඉවත් කර නව නීතියක් හඳුන්වා දීමට රජය සැලසුම් කරමින් සිටින බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ ඊයේ (23) පාර්ලිමේන්තුවේ දී සඳහන් කළා.
මෙම අලුත් නීතිය ‘වරදක් නැති දික්කසාද’ නමින් හැඳින්වෙන අතර, එය කෙටුම්පත් කර අවසන් ව ඇති බවද සඳහන්.
නව පනත් කෙටුම්පත මඟින් දික්කසාද නඩු සම්බන්ධයෙන්, දීර්ඝ නඩු විභාගයකින් තොරව තීන්දුවක් ලබා දීමට අධිකරණයට බලය පැවරෙන බව ද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළා.
එසේම, නව අන්‍යෝන්‍ය පිළිගැනීම, ලියාපදිංචි කිරීම සහ විදේශ විනිශ්චයන් බලාත්මක කිරීමේ පනත් කෙටුම්පත මඟින් දික්කසාද නඩු සම්බන්ධයෙන් විදේශීය අධිකරණවල ලබාදෙන තීන්දු ශ්‍රී ලංකාවේ අධිකරණවල පිළිගැනීමට ද ඉඩ සැලසෙන බව සඳහන්.