Local News

සෝලා ව්‍යාපෘති 50ක් සඳහා දේශීය ණය සංවර්ධන අරමුදලින් මුදල් ලබා දෙයි.

සෝලා ව්‍යාපෘති 50ක් සඳහා දේශීය ණය සංවර්ධන අරමුදලින් මුදල් ලබා දෙයි.

දේශීය ණය සංවර්ධන අරමුදල මගින් රුපියල් මිලියන 1220ක් පළාත් පාලන ආයතනවලට ලබාදී තිබෙනවා.

මේ අනූව ආයතන 45කට අයත් සෝලා ව්‍යාප්ෘති 50ක් සඳහා මෙම මුදල ලබාදුන් බවයි දේශීය ණය සංවර්ධන අරමුදල, අධ්‍යකෂක,ප්‍රධාන විධායක නිලධාරී කේ.ඩී චිත්‍රපාල පවසන්නේ.

පළාත් පාලන ආයතනවල යටිතල පහසුකම් දියුණු කරමින් ආදායම් වැඩිකර ගැනීම සඳහා 7% සිට 12% දක්වා පොලී අනුපාතයකට ණය මුදල් ලබා දෙන බවයි අධ්‍යකෂකවරයා පැවසුවේ.

මේ අයුරින් පළාත් පාලන ආයතන 340ක් සඳහා මෙම ආයතනය මගින් ණය මුදල් සපයනු ලබනවා.

ඩිජිටල් පුස්තකාල ආරම්භකිරීම,සෝලා ව්‍යාප්ෘති ඇරඹීම හා ආදාහනාගාර සඳහා ප්‍රමුඛතාව ලබාදෙමින් මුදල් නිකුත්කරන බවයි දේශීය ණය සංවර්ධන අරමුදල අධ්‍යකෂක, ප්‍රධාන විධායක නිලධාරී කේ.ඩී චිත්‍රපාල හිරු නිවුස් වෙත පැවසුවේ.

ඉහත ණය මුදල ඉකුත් ජූලි 15වැනිදා ලබා දුන් අතර 1916 අංක 22 දරන දේශීය ණය සංවර්ධන ආඥාපනත මතයි දේශීය ණය සංවර්ධන අරමුදල ආරම්භ කර ඇත්තේ

Related Articles

Back to top button