ඇල්පිටිය අනුරුද්ධගම කරන්දෙණිය ප්‍රදේශයේදී අවුරුදු 03යි මාස 06ක් වයසැති සිය පුතාව කෲරත්වයට පත් කිරීමේ චෝදනාව මත 24 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
118 කෙටි පණිවිඩ මධ්‍යස්ථානයෙන් ඇල්පිටිය පොලිසියට ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර දරුවාගේ පියා ඇල්පිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.
සැකකරුගේ 24 හැවිරිදි බිරිඳ රැකියාවක් සඳහා විදේශගතව ඇති අතර, සැකකරු සහ මෙම දරුවා පමණක් නිවසේ වාසය කර තිබෙනවා.
සැකකරු විසින් දරුවාගේ දෑත් ඔසවා දණගස්වා දරුවා ආහාර ඉල්ලන විට පරුෂ වචනයෙන් බැන වැදී ඇති බවත්, දරුවාගේ එක් පාදයක් පාපැදියක ඉදිරිපස රෝදයට යට කරමින් කෲරත්වයට පත් කර ඇති බවත්, පොලිසිය පවසනවා.
මෙම පුද්ගලයා එම සිදුවීම් වීඩියෝ ගත කර විදේශගතව සිටින සිය බිරිඳට යැවීමට කටයුතු කර තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් ඇල්පිටිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.