මෙවර ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ සහාය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට හිමිවන බව එම කොංග්‍රසයේ ජාතික සංවිධායක ත්‍රිකුණාමලය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.එස්.තවුපික් පවසනවා.
මේ වනවිටත් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සමගි ජනබල වේගය සමග කටයුතු කරන අතර තම පක්ෂයේ උත්තරීතර මණ්ඩලය සහාය දෙන්නේ කාටදැයි අවසන් තීරණයකට එළඹ නැතත් උත්තර මණ්ඩලය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට සහාය පළ කිරීමට කටයුතු කරන බවට විශ්වාසයක් තමන් තුල පවතින බවයි ඔහු සඳහන් කරන්නේ.
එහිදී පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් ඇතුළු පිරිස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සමඟ දැනටමත් එක්ව කටයුතු කරස්න හෙයින් උත්තරීතර මණ්ඩලයේ සහායද විපක්ෂ නායකවරයාට ලැබෙනු ඇති බවටයි ජාතික සංවිධායක එම්.එස්.තවුපික් විශ්වාසය පළකරනු ලබන්නේ.