ජනාධිපතිවරණයට අදාළව තැපැල් ඡන්ද අයදුම්පත්‍ර භාරගැනීම ලබන මස 05 වනදා මධ්‍යම රාත්‍රියෙන් අවසන්වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් එම කොමිසන් සභාව පෙන්වා දෙන්නේ එම අයදුම්පත් එදින හෝ ඊට පෙර දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල වෙත යොමුකළ යුතු බවයි.
ලබන මස 05 වනදාට අයදුම්පත්‍ර තැපැලට භාරදීම සිදුකළද, ඒවා වලංගු නොවන බව එම කොමිෂන් සභාව පෙන්වා දෙනවා.
තැපැල් ඡන්ද හිමි නාමලේඛනය ජූලි මස 26 වැනිදා සිට සියලු දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල, සියලුම ප්‍රාදේශීල ලේකම් කාර්යාලවල සහ සියලුම ග්‍රාම නිලධාරී කාර්යාලවල රාජකාරී වේලාවන් තුලදී ප්‍රදර්ශනය කෙරෙන බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.
එම සවිස්තරාත්මක නිවේදනය පහතින්,