
අද (12) පැවති සාකච්ඡා අසාර්ථක වූ බැවින් ‘ග්‍රාම නිලධාරීන්’ දියත් කළ වැඩවර්ජනය සැලසුම් කළ පරිදි අඛණ්ඩව ක්‍රියාත්මක බව ග්‍රාම නිලධාරීන්ගේ වෘත්තීය සමිති සංගමය පවසනවා.
ග්‍රාම නිලධාරී වෘත්තිය සංගම් සන්ධානය පවසන්නේ, වර්ජන ක්‍රියාමාර්ගය සතියක් පුරා දියත් කිරීමට සැලසුම් කර ඇති අතර එම සතිය කළු සතියක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති බවයි.
මේ අතර අද දහවල් ඔවුන් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය ඉදිරිපිට නිහඬ විරෝධතාවක ද නිරත වුණා.
මේ වනවිට ගැසට් කර ඇති ග්‍රාම නිලධාරීන් සඳහා වූ සේවා ව්‍යවස්ථාව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ ආයතන අධ්‍යක්ෂවරයාගේ අභිමතය පරිදි සකස් කර ඇති බවත් සිය යෝජනා ඊට ඇතුළත් කර නොමැති බවටත් චෝදනා කරමින් දිවයින පුරා ග්‍රාම නිලධාරීවරුන් අද සහ හෙට දිවයින පුරා වර්ජන ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබෙනවා.
ඔවුන් පවසන්නේ, මෙම වර්ජන ක්‍රියාමාර්ගය සතියක් පුරා ක්‍රියාත්මක කිරීමට ද සැලසුම් කර ඇති බවයි.
මේ හේතුවෙන් ග්‍රාම නිලධාරී කාර්යාලවලින් සේවා ලබා ගැනීමට පැමිණි ජනතාව දැඩි අසීරුතාවට පත් වුණා.



