Sports

උතුරුමැද පළාත් විවෘත බැඩ්මින්ටන් ශූරතාවලියට සියල්ල සූදානම්

උතුරුමැද පළාත් විවෘත බැඩ්මින්ටන් ශූරතාවලියට සියල්ල සූදානම්

උතුරුමැද පළාත් බැඩ්මින්ටන් සංගමය විසින් සංවිධාන කරනු ලබන උතුරුමැද පළාත් සමස්ත ලංකා විවෘත බැඩ්මින්ටන් ශූරතාවලිය මේ මස 19 වැනිදා සිට 25 දින දක්වා අනුරාධපුර ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තු ගෘහස්ත ක්‍රීඩාගාරයේදී සහ මයික් කුක් ගෘහස්ත ක්‍රීඩාගාරයේදී  පැවැත්වීමට නියමිතව තිබෙනවා.

මේ ශූරතාවලියට කාන්තා හා පිරිමි ඒකල, යුගල හා මිශ්‍ර යුගල විවෘත තරග, අවුරුදු 11න් අවුරුදු 19න් පහළ දක්වා බාලක බාලිකා ඒකල හා යුගල තරග, අවුරුදු 30ට ඉහළ වයස් කාණ්ඩයේ සිට අවුරුදු 110 ඒකාබද්ධ වයස් කාණ්ඩය දක්වා කාන්තා හා පිරිමි ඒකල, යුගල, මිශ්‍ර යුගල තරග සමඟ කාන්තා හා පිරිමි ඒකල පරාජිතයන් අතර පළඟ ශුරතා තරග ඇතුළත්.

උතුරු මැද පළාත් සමස්ත ලංකා විවෘත බැඩ්මින්ටන් ශූරතාවලියේ සමාරම්භක උත්සවය හා මූලික වටයේ තරග අගෝස්තු මස 19 වැනිදා පැවැත්වෙන අතර 20 වැනිදා  මූලික වටයේ  තරග සමඟ අවසන් 16 දෙනාගේ තරග වටය පැවැත්වෙනවා.

අර්ධ අවසන් පූර්ව, අවසන් පූර්ව සහ අවසන් මහා තරග අගෝස්තු මස 24 වැනිදා පැවැත්වෙන අතර තෝරාගත් අවසන් මහා තරග සමඟ සමාප්ති උත්සවය අගෝස්තු මස 25 වැනිදා පැවැත්වීමට නියමිතයි.

තරගාවලියේ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්ට රුපියල් හත්ලක්ෂ පනස්දහසක මුදල් ත්‍යාග සමඟ කුසලාන, පදක්කම් සහ සහතිකපත් පිරිනැමෙන උතුරුමැද පළාත් සමස්ත ලංකා විවෘත බැඩ්මින්ටන් ශූරතාවලිය සඳහා  Mcfoil,  Mobil, Li-Ning, 3M සහ GAC අනුග්‍රාහකත්වය ලබා දෙනවා.

පසුගිය වසරේ පැවැති උතුරුමැද පළාත් සමස්ත ලංකා විවෘත බැඩ්මින්ටන් ශූරතාවලියේ පිරිමි විවෘත ඒකල ශූරතාව දිනා ගැනීමට ලෝචන ද සිල්වා සමත් වූ අතර කාන්තා විවෘත ඒකල ශූරතාව දිනා ගනු ලැබුවේ රනිත්මා ලියනගේ විසිනුයි

Related Articles

Back to top button