මී වදයක් කැඩීමට ගිය ගොවියෙකු මී මැස්සන්ගේ ප්‍රහාරයකට ලක්ව මියගොස් තිබෙන බව පරසන්ගස්වැව පොලිසිය පවසනවා.
සිය නිවෙසේ තිබූ මී මැසි පෙට්ටියේ මී වදයක් කැඩීමට ගිය අවස්ථාවේ මෙම අනතුර සිදුව ඇති බවයි පැවසෙන්නේ.
මෙසේ මිය ගිය පුද්ගලයා 65 හැවිරිදි අයෙකු බවද පොලිසිය පැවසුවා.
එම පුද්ගලයා පරසන්ගස්වැව, පළුකුඹුර ලිපිනයේ පදිංචි තිදරු පියෙක්.
ඔහු සිය හේනට ගොස් නැවත පැමිණ සිටි අතරතුර මී මැසි පෙට්ටිය පරීක්ෂා කර මී වදයට අත දැමූ මොහොතේ මී මැස්සන් ඇවිස්සී දෂ්ට කර තිබෙනවා.
එහිදී අසාධ්‍ය වූ ඔහු ප්‍රතිකාර සඳහා පරසන්ගස්වැව ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කරන අතර තුරයි මියගොස් ඇත්තේ.