නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු අද (04) සිට පාර්ලිමේන්තුවේ ස්වාධිනව සිටින වන බව පවසනවා.
ඔහු මේ බව පැවසුවේ අද පාර්ලිමේන්තුවේ පැවැති විවාදයට එක්වෙමින්. ඔහු කියා සිටින්නේ ජාතික ජන බලවේගය එක්වී ඇති අශුද්ධ සන්ධානයට එරෙහිව පෙනි සිටින කුමන හෝ කණ්ඩායමට තමන්ගේ සහාය පල කරන බවය.
නව පත්වන ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා නව පාර්ලිමේන්තුවක් කැඳවන බව අප සියළු දෙනා දන්නා කරුණාක් බව ඔහු මෙහිදී කියා සිටියා.
මේ වන විට ප්රජාතන්ත්රවාදී මලගම වෙත ජනතාව ඇදගෙන යාමට කණ්ඩායමක් උත්සහා කරමින් සිටින ඔහු මෙහිදී කියා සිටියා.
වසර 70 ක කාලයක් ජනතාවට කිසිදු දෙයක් සිදු කලේ නැ යැයි පවසමින් බලය ලබා ගැනිමට පිරිසක් කටයුතු කරන බව ඔහු අවධාරණය කර සිටියා.
මේ අවස්ථාවේදී ප්රජාතන්ත්රවාදය ආරක්ෂා කරන නායකයෙකු සිටිනවානම් වෛරී දේශපාලනයට නොයා සිටින කෙනෙක් සිටිනවානම් ඔහුගේ කකුලෙන් අදින්නේ නැතිව සහාය දැක්විය යුතු බව ඔහු කියා සිටියා.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් තමා හලාවත නගරයේ දැවැන්ත රැළියක් සිදු කල නමුත් ජනාධිපතිවරයා අශුද්ධ සන්ධානයක් සමඟ කටයුතු කරන බව දැනෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දු වැඩිදුරටත් කියා සිටියා.