Local News

සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල ගැන නිවේදනයක්

සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මේ මස අවසන් වීමට පෙර ලබා දීමට අවශ්‍ය කටයුතු මේ වන විට සූදානම් කරමින් සිටින බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර පවසයි.

2023 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 3,527කදී පැවැත්වූ අතර, ඒ සඳහා අයැදුම්කරුවන් 452,979 දෙනෙකු සුදුසුකම් ලබා තිබුණි.

ඊට පාසල් අයැදුම්කරුවන් 387,648ක් සහ පෞද්ගලික අයැදුම්කරුවන් 65,331 දෙනෙකු ඇතුළත්.

Related Articles

Back to top button