අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සහ ශිෂ්‍ය සංගම් විශේෂ හමුවක් ඊයේ පැවැත්වුණා..
ඊට අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය සහ ඒ යටතේ ඇති විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගම්, අධ්‍යාපන අයිතිය උදෙසා සිසු ජන බලය සහ ඒ යටතේ ඇති විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගම්, සියලු වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගම් සහභාගි වී තිබුණා..
එසේම අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බලමණ්ඩලය, අන්තර් උසස් ජාතික ඩිප්ලෝමා ශිෂ්‍ය බලමණ්ඩලය, සාගර විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමය, ඉංජිනේරු තාක්ෂණ ආයතන ශිෂ්‍ය සංගමය, මොරටුව ඉංජිනේරු පීඨ ශිෂ්‍ය සංගමය ඇතුලු ශිෂ්‍ය සංගම් ගණනාවක නියෝජිතයින් ඊට එක්වූ බවයි වාර්තා වෙන්නේ..
එහිදී විශ්වවිද්‍යාල සිසුන්ගේ අධ්‍යයන කටයුතු සහ ශිෂ්‍ය සුබසාධනය සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති අතර, විශ්වවිද්‍යාල සිසුන් මෙතෙක් මුහුණ දුන් නොවිසඳුණු ගැටලු රැසක් පිළිබඳව ද අවධානය යොමු කළ බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය පැවසුවේ..