Local News

රාජ්‍ය ආයතන සතුව ඇති V8 රථ වෙන්දේසියට අදාළ චක්‍රලේඛය නිකුත් කරයි.

රාජ්‍ය ආයතන සතුව ඇති V8 රථ වෙන්දේසියට අදාළ චක්‍රලේඛය නිකුත් කරයි.

රාජ්‍ය ආයතනවල ඇති ඉහළ ධාරිතාවක් සහිත V8 සුඛෝපභෝගී රථවාහන වෙන්දේසි කර එම ආදායම් වාර්තා මාර්තු මස 1 වැනි දිනයට පෙර ඉදිරිපත් කරන ලෙස මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා දැනුම් දී තිබේ.

චක්‍රලේඛයක් නිකුත් කරමින් මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා විසින් මේ බව අමාත්‍යාංශ ලේකම්වරු ඇතුළු සියළු රාජ්‍ය අංශ ප්‍රධානීන්ට දැනුම් දී ඇත.

මෙලෙස වෙන්දේසි කරනු ලබන රථවාහන කිසිදු රාජ්‍ය ආයතනයක් මිලදී ගැනීම සිදු නොකළ යුතු බවද එම චක්‍රලේඛය මගින් මුදල් අමාත්‍යංශ ලේකම්වරයා පෙන්වා දී තිබේ.

Related Articles

Back to top button