World

ස්පාඤ්ඤයේ ලියොනොර් කුමරිය වසර තුනක හමුදා පුහුණුවක් ආරම්භ කරයි.

ස්පාඤ්ඤයේ ලියොනොර් කුමරිය වසර තුනක හමුදා පුහුණුවක් ආරම්භ කරයි.

ස්පාඤ්ඤයේ ලියොනොර් කුමරිය වසර තුනක හමුදා පුහුණුවක් ආරම්භ කළේ රාජකීය සම්ප්‍රදාය අනුව යමින්.

ඒ අනුව වසරක යුද හමුදා පුහුණුව අවසන් කළ කුමරිය පසුගිය දා නාවික හමුදා පුහුණුව ආරම්භ කළේය.

ස්පාඤ්ඤ සම්ප්‍රදාය අනුව එරට රජ කිරුළට උරුමකම් කියන සියලුම රාජකීයයන් හමුදා පුහුණුව ලැබීම අනිවාර්ය වේ.

ඒ අනුව ස්පාඤ්ඤ රජ කිරුළට හිමිකම් කියන ලියොනොර් කුමරිය සිය හමුදා පුහුණුව ආරම්භ කළේ මීට වසරකට පමණ පෙරාතුවය.

ඒ ස්පාඤ්ඤයේ සරගෝසා හි යුද හමුදා ඇකඩමියේ දී ය.

එහි දෙවන අදියර ලෙස ලියොනොර් කුමරිය පසුගියදා සිය නාවික හමුදා පුහුණුව ආරම්භ කළේය.

ලියොනොර් කුමරිය නාවික පුහුණු ලබන්නේ ජුආන් සෙබැස්තියන් ද එල්කානෝ නෞකාවේ දී යි.

එය අඩ සියවසක් පමණ පැරණි නෞකාවක් ලෙස විදෙස් වාර්තා පෙන්වා දෙයි.

ඒ අනුව මීටර 113ක් දිගැති නෞකාව පසුගිය දා අමෙරිකාව බලා ගමන් ආරම්භ කළේය.

නාවික හමුදා පුහුණුවෙන් පසුව ලියොනොර් කුමරියගේ ගුවන් හමුදා පුහුණුව ආරම්භ වීමට නියමිතව පවතී.

ඒ එරට ගුවන් හමුදා ඇකඩමියේ දී යි.

ගුවන් හමුදා පුහුණුව අවසන් වීමෙන් පසුව ඇයගේ වසර තුනක හමුදා පුහුණුව අවසන් වන බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.

Related Articles

Back to top button