
2024 දෙසැම්බර් මාසයේ ICC ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාව ලෙස ඉන්දියාවේ ජස්ප්‍රිට් බුම්රා සහ ඔස්ට්‍රේලියාවේ ඇනබෙල් සදර්ලන්ඩ් තේරීපත්ව තිබෙනවා.
ජස්ප්‍රිට් බුම්රා දෙසැම්බර් මාසයේදී ටෙස්ට් තරග තුනකදී කඩුලු 22ක් දවා ගනිමින් 14.22ක සාමාන්‍යයක් පවත්වා ගැනීමට සමත් වුණා.
එමෙන්ම ඔහු Border-Gavaskar කුසලානය සඳහා වූ ඔස්ට්‍රේලියානු සංචාරයේදී දැක්වූ දස්කම් හේතුවෙනුයි දෙසැම්බර් මාසයේ ICC ක්‍රීඩකයා ලෙස නම් කර ඇත්තේ.
ජනවාරි 5 වැනිදා අවසන් වූ තරග පහකින් යුත් තරගාවලියේ දී ද ඔහු කඩුලු 32ක් දවාගත් අතර, එහි පළමු තරගය නොවැම්බර් මාසයේදී පැවැත්වුණා.
ඔහුගේ ජයග්‍රාහීකත්වයට බ්‍රිස්බේන්හිදී කඩුලු නවයක් සහ මෙල්බර්න්හිදී කඩුලු පහක් දවා ගැනීම ද ඇතුළත්ව තිබෙනවා.
එමෙන්ම ඔහු ඔස්ට්‍රේලියානු නායක පැට් කමින්ස් සහ දකුණු අප්‍රිකානු ඩේන් පැටර්සන් අභිබවා මෙම සම්මානය ලබා ගත් බවයි ICC පවසන්නේ.
මේ අතර, 2024 දෙසැම්බර් මාසයේ ICC කාන්තා ක්‍රීඩිකාව ලෙස තේරීපත්වූ ඔස්ට්‍රේලියාවේ තුන් ඉරියව් ක්‍රීඩිකාවවන ඇනබෙල් සදර්ලන්ඩ් දෙසැම්බර් මාසයේදී ඇයගේ කණ්ඩායම ඉන්දියාවට එරෙහි එක්දින තරග තුනක් සහ නවසීලන්තයට එරෙහි එක්දින තරග දෙකක් ලෙස තරග පහක් ජයගෙන තිබුණා.
එහිදී ඇය තරගයේ ක්‍රීඩිකාව ලෙස සම්මාන තුනක් ද තරග දෙකෙහිම තරගාවලියේ ක්‍රීඩිකාව ලෙස ද සම්මාන දිනාගත්තා.
එමෙන්ම ඇය එම මාසයේ දී ලකුණු 269ක් රැස් කර ඇත්තේ ශතක දෙකක් ද සමගින්.



