
ICC 19න් පහළ කාන්තා T20 ලෝක කුසලාන තරගාවලියේදී ශ්රී ලංකාව මැලේසියාවට එරෙහිව ලකුණු 139ක ජයග්රහණයක් අද (19) ලබා ගනු ලැබුවා.
එහිදී පිළිතුරු ඉනිමට පන්දුවට පහරදුන් මැලේසියාවට පන්දුවාර 14යි එක් පන්දුවක් අවසානයේ සියල්ලන් දැවී රැස්කරගත හැකි වුණේ ලකුණු 23ක් පමණයි.
පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්රී ලංකා කණ්ඩායම කඩුළු 06ක් දැවී ලකුණු 162ක් රැස් කරගනු ලැබුවා.
එහිදී අගනා පිතිකරණයක නිරත වූ දැහැමි සෙනෙත්මා අර්ධ ශතකයක් වාර්තා කිරීමටද සමත් වුණා.



