Local News

එළැඹෙන සිංහල අලුත් අවුරුදු සමය සහන මිලකට අත්‍යවශ්‍ය ආහාර

එළැඹෙන සිංහල අලුත් අවුරුදු සමය සහන මිලකට අත්‍යවශ්‍ය ආහාර

එළැඹෙන සිංහල අලුත් අවුරුදු සමය සහන මිලකට අත්‍යවශ්‍ය ආහාර ලබා දීමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව වැඩිවූ ජීවන වියදම අඩු කිරීම සඳහා ආධාරක පියවරක් ලෙස දැරිය හැකි මිලකට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීමට ඉඩ සලසමින් උත්සව සමය සඳහා ආහාර පැකේජයක් ලබාදීමට තීරණය කර ඇත.

අද (17) අයවැය යෝජනා ඉදිරිපත් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසා සිටියේ, අලුත් අවුරුදු සමයේදී ලංකා සතොස සමාගම හරහා සහල්, ටින් මාළු, පරිප්පු, ළූණු, අර්තාපල් සහ කරවල ඇතුළු වියළි ආහාර සලාකයක් ලබා දීමට යෝජනා කරන බවය.

මෙම සලාකය ලබාදීමේ පිරිවැය වෙනුවෙන් රුපියල් මිලියන 1,000ක මුදලක් අයවැයෙන් වෙන් කිරීමට යෝජනා කර තිබේ.

Related Articles

Back to top button