Sports

2025 ශූරයින්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලිය අද ඇරඹේ

2025 ශූරයින්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලිය අද ඇරඹේ

2025 ශූරයින්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලිය අද (19) ආරම්භ වේ.

ඒ, පකිස්ථානයේ සහ එක්සත් අරාබි එමීර්හි සත්කාරකත්වයෙනි.

ශූරයින්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලිය මෙවර පැවැත්වෙන්නේ 9 වැනි වරටයි.

මෙවර තරගාවලිය පැවැත්වෙන්නේ, කණ්ඩායම් 8ක සහභාගීත්වයෙනි.

ඒ, ඇෆ්ගනිස්ථානය, ඔස්ට්‍රේලියාව, බංග්ලාදේශය, එංගලන්තය, ඉන්දියාව, නවසීලන්තය, පකිස්ථානය සහ දකුණු අප්‍රිකාවයි.

මෙවර තරගාවලියේ ඉන්දීය කණ්ඩායම සහභාගී වන තරග සියල්ල එක්සත් අරාබි එමීර්හි සත්කාරකත්වයෙන් පැවැත්වේ.

තරගාවලිය ආරම්භ කරමින් පළමු තරගය පැවැත්වෙන්නේ, සත්කාරක පකිස්ථානය සහ නවසීලන්තය අතරයි.

පකිස්ථානයේ කරච්චිහිදී පැවැත්වෙන එම තරගය මෙරට වේලාවෙන් අද පස්වරු 2.30ට ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.

 

Related Articles

Back to top button