Local News

අර්ච්චුනාගේ හැසිරීම ගැන වාර්තාව සභාගත කරයි

අර්ච්චුනාගේ හැසිරීම ගැන වාර්තාව සභාගත කරයි

පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනාගේ හැසිරීම් හා ක්‍රියාකලාපයන් සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පත් කළ කමිටුවේ වාර්තාව සභාගත කරන බව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න නිවේදනය කළා.

කථානායකවරයා නිවේදනය කළේ, පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් තමා වෙත ලද පැමිණිලි සැළකිල්ලට ‍ගෙන ඒ සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තා කිරීම සඳහා තමා විසින් පත් කරන ලද විශේෂ කමිටුවේ වාර්තාව මෙලෙස සභාගත කරන බවයි.

ඒ අනුව නියෝජ්‍ය කාරක සභා සභාපති හේමාලි වීරසේකරගේ සභාපතිත්වයෙන්, අමාත්‍ය විජිත හේරත්ගේ සහ රංජිත් මද්දුම බණ්ඩාරගේ සාමාජිකත්වයෙන් මෙම විමර්ශන කමිටුව සමන්විත වූ බවත් කථානායකවරයා නිවේදනය කළා.

තව ද මෙම වාර්තාව ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාව වෙත යොමු කරන බවත් කථානායකවරයා වැඩිදුරටත් නිවේදනය කළා.

Related Articles

Back to top button