Local News

වසන්ත විට්ටච්චි මහතා අභාවප්‍රාප්ත වෙයි

වසන්ත විට්ටච්චි මහතා අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ වේශ නිරූපණ ශිල්පියෙකු මෙන්ම සම්මානනීය රංගන ශිල්පියෙකු වූ වසන්ත විට්ටච්චි මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

ඒ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයීය රෝහලේ ප්‍රතිකාර ලබනමින් සිටියදීයි.

අභාවප්‍රාප්ත වන විට ඒ මහතාගේ වයස අවුරුදු 65 ක්.

වසන්ත විට්ටච්චි  සිනමාව. වේදිකාව සහ ටෙලි නාට්‍ය යන ක්ෂේත්‍ර තුනට සිය රංගන කෞෂල්‍යයෙන් හා වේශ නිරූපණයෙන් වර්ණවත් කළ කලාකරුවෙකි.

වේශ නිරූපණ ශිල්පියෙකු  ලෙස කලා ලොවට පිවිසි, ඔහු පසු කාලීනව රංගනයට පිවිසියේ ය.

ඒ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම් දෙන බව පවුලේ ඥාතීන් ප්‍රකාශ කළේ ය.

Related Articles

Back to top button