Local News

කට්කුවාරි ප්‍රදේශයේ දී කුඩා පිරිමි දරුවෙකු ඖෂධයක් විෂ වී මිය යයි

කට්කුවාරි ප්‍රදේශයේ දී කුඩා පිරිමි දරුවෙකු ඖෂධයක් විෂ වී මිය යයි

මාන්කුලම, කට්කුවාරි ප්‍රදේශයේ දී කුඩා පිරිමි දරුවෙකු ඖෂධයක් විෂ වී මිය ගොස් තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 01 ½ ක් වූ කට්කුවාරි, මාන්කුලම් ප්‍රදේශයේ පදිංචිව සිටි දරුවෙකි.

මේ සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන වලදී හෙළි වී ඇත්තේ මෙම කුඩා දරුවා ඔහුගේ මිත්තණිය අසනීප තත්ත්වයක් සඳහා ගනු ලබන ඖෂධ පෙති ගිල දමා ඇති බවය.

පසුගිය 04 වනදා පස්වරුවේ මෙම දරුවා ප්‍රතිකාර සඳහා කිලිනොච්චිය රෝහලට ඇතුලත් කර ඇති අතර එහිදී දරුවා මියගොස් ඇත.

මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසු දෙමාපියන්ට භාර දී ඇති අතර මාන්කුලම් පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

Related Articles

Back to top button