Local News

සත්ව සංගණනයේ ප්‍රතිඵල අද නිකුත් කරයි

සත්ව සංගණනයේ ප්‍රතිඵල අද නිකුත් කරයි

වගා හානි සිදුකරන සතුන් සම්බන්ධයෙන් සිදුකළ සංගණනයේ වාර්තාව අද (28) එළිදැක්වීමට නියමිතව තිබේ.

වගා හානි සිදුකරන එම සතුන් කළමනාකරණය කිරීමට අවශ්‍ය පියවර ගැනීම මෙම සංගණන වාර්තාව නිකුත් කිරීමෙන් පසු සිදුකිරීමට සැලසුම් කර ඇත.

රිළවුන්, වඳුරන්, මොනරුන්, දඬුලේනන් යන වගා හානිවලට ඍජුව සම්බන්ධ වනසතුන් සංගණනය කිරීම පසුගිය 15 වනදා සිදුකෙරුණි.

ඊට ප්‍රදේශ රැසක ජනතාව දායකත්වය ලබාදුන් අතර, එම සංගණනයේ වාර්තාව අද මෙලෙස එළිදැක්වීමට නියමිතය.

Related Articles

Back to top button