Local News

පොලිස් හදිසි පරීක්ෂාවේදී මගීන්ට අනතුරුදායක දුරගමන් බස් 11ක් හසුවෙයි

පොලිස් හදිසි පරීක්ෂාවේදී මගීන්ට අනතුරුදායක දුරගමන් බස් 11ක් හසුවෙයි

දුරගමන් සේවා සඳහා යොදවා ඇති ලංගම සහ පෞද්ගලික බස් පරීක්ෂා කිරීම මේ වනවිට ආරම්භ කර ඇත.

ඒ අනුව හැටන් සිට දුරගමන් සේවා සඳහා යොදවා ඇති බස් ගිනිගත්හේන පොලීසිය මගින් අද (15) හදිසි පරීක්ෂාවට ලක් කෙරුණි.

හැටන් මහනුවර ප්‍රධාන මාර්ගයේ ගිනිගත්හේන අඹගමුව ප්‍රදේශයේදි දුර ගමන් සේවා බස් රථ පරීක්ෂාව සිදුකෙරුණි.

මෙහිදී මගීන්ට අනතුරුදායක ලෙස අඩුපාඩුකම් සහිතව ධාවනයේ යෙදුණු ලංගම බස් රථ 5ක්, පෞද්ගලික බස් රථ 6ක් ඇතුළු රියදුරන් 11 දෙනෙකුට එරෙහිව හැටන් මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නෛතික පියවර ගැනීමට කටයුතු කර තිබේ.

තවත් බස් රථ කිහිපයක රියදුරන්ට එම අඩුපාඩුකම් නිවැරදි කරගැනීමට උපදෙස් ලබාදී ඇත.

මෙම බස් රථ පරික්ෂාවේදී බස් රථවල ගමන් ගන්නා මගීන්ද දැනුවත් කරමින් පොලීසිය පැවසුවේ බස් රථයේ රියදුරන් විසින් සිදුකරන මාර්ගනීති උල්ලංගණය කිරීම් සම්බන්ධයෙන් පොලීසිය දැනුවත් කරන ලෙසය.

Related Articles

Back to top button