
රජයේ රෝහල්වල පැපොල රෝගීන්ට ලබාදෙන ඖෂධවල කිසිදු හිඟයක් නොමැති බව සෞඛ්ය හා ජනමාධ්ය නියෝජ්ය අමාත්ය වෛද්ය හසංක විජේමුණි පවසනවා.
පැපොල රෝගීන්ට ලබාදෙන ඖෂධවල හිඟයක් පවතින බවට පළවන වාර්තා සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ඔහු කියා සිටියේ පැපොල රෝගයේ අසීමිත පැතිරයාමක් මේ දිනවල දක්නට නොලැබෙන බවයි.
එමෙන්ම මෙරට ජනතාවට ලබා දිය යුතු ඖෂධ කිසිදු හිඟයකින් තොරව අඛණ්ඩව ලබා දීමට රජය කටයුතු කරන බව ද එම නිවේදනයේ දැක්වෙනවා.



