Local News

දුම්රිය හරස් මාර්ගයකදී වාහන 3ක් එකිනෙක ගැටෙයි

දුම්රිය හරස් මාර්ගයකදී වාහන 3ක් එකිනෙක ගැටෙයි

හලාවත – කොළඹ ප්‍රධාන මාර්ගයේ ඉනිගොඩවෙල දුම්රිය හරස් මාර්ගයේදී වාහන තුනක් එකිනෙකට ගැටී අනතුරක් සිදුව තිබේ.
අද (21) උදෑසන සිදුවූ එම අනතුරින් පුද්ගලයින් හත්දෙනෙකු පමණ තුවාල ලබා හලාවත මහ රෝහලට වෙත ඇතුළත් කර ඇති බවට තොරතුරු වාර්තා වේ.

දුම්රිය ගමන් කිරීම හේතුවෙන් ඉනිගොඩවෙල දුම්රිය හරස් මාර්ගය වසා තබා ඇත.
එම අවස්ථාවේදී වාහන දෙකක් නවතා තිබී දී කන්ටේනර් රථයක් පැමිණ නවතා තිබූ වෑන් රථයක ගැටී තිබුණි.
එහිදී වෑන් රථය ගොස් බවුසරයක ගැටී ඇත.
අනතුරින් වෑන් රථයට බරපතළ හානි සිදුව ඇති අතර හලාවත පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related Articles

Back to top button