
දිවයිනේ සෑම යුධ හමුදා කදවුරකම රණවිරු සුබසාධන අංශයක් අද (26) සිට ආරම්භ වන බව යුධ හමුදා මූලස්ථානය පවසනවා.
යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ලසන්ත රෙද්‍රිගෝගේ උපදෙස් මතයි මෙම වැඩසටහන ආරම්භ කර ඇත්තේ.
ඒ අනුව සෑම හමුදා කදවුරකම අණදෙන නිලධාරියාගේ අධීක්ෂණය යටතේ මෙම රණවිරු සුබසාධන අංශය අද සිට ක්‍රියාත්මක වනවා.
මෙමගින් විශ්‍රාමික, ආබාධිත සහ මිය ගිය හමුදා රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයින්ට සුබසාධන කටයුතු පහසුවෙන් සිදු කළ හැකි බවයි යුධ හමුදා මූලස්ථානය සඳහන් කළේ.



