Local News

පානදුර වෙඩිතැබීමට සැක අයෙකු අත්අඩංගුවට

පානදුර වෙඩිතැබීමට සැක අයෙකු අත්අඩංගුවට

පානදුර වෑකඩ යතුරුපැදි අමතර කොටස් වෙළද සැලක් ඉදිරිපිට පසුගිය 29 දා සිදුවූ වෙඩි තැබීමේ සිදුවීමට ආධාර අනුබලදුන් සැකකරුවකු අත්අඩංගුවට ගත්බව පානදුර කොට්ඨාශ අපරාධ විමර්ශණ ඒකකය පවසයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පානදුර කවිරාජ මාවතේ පදිංචි 24 හැවිරිදි පුද්ගලයකි.

වෙඩිතැබීම සිදුකල තුවක්කුකරු සහ යතුරුපැදිකරු  සැකකරුගේ නිවසේ පෙරදින රාත්‍රී නවාතැන් ගෙන සිට ඇති බවට මෙතෙක් කල විමර්ශණවලදී හෙලිව තිබේ.

අත්අඩංගුවට සැකකරු පානදුර මහෙස්ත්‍රාත්  අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Related Articles

Back to top button