Local News

ගුරු වැටුපේ ප්‍රමාදයක් – ගුරු සංගම් අනතුරු අඟවයි

ගුරු වැටුපේ ප්‍රමාදයක් - ගුරු සංගම් අනතුරු අඟවයි

ජාතික පාසල්වල ගුරුවරුන්ගේ ජුනි මාසයට අදාළ වැටුප අද (23) දහවල් 12ට පෙර නොලැබුණහොත් වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයකට යොමුවන බව සමස්ත ලංකා එක්සත් ගුරු සංගමය පවසයි.

එහි සභාපති පූජ්‍ය යල්වෙල පඤ්ඤාසේකර හිමි සඳහන් කළේ, සෑම මසකම 20 වැනි දින ගුරුවරුන්ගේ මාසික වැටුප ලබාදීම සිදුවුව ද ජුනි මාසයේ වැටුප මෙතෙක් ලැබී නොමැති බවය.

පසුගිය මාසයේ ද ගුරුවරුන්ගේ වැටුප් ලබාදීම ප්‍රමාද වූ අතර ඊට හේතුව කුමක්ද යන්න සොයා බැලිය යුතු බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා සඳහන් කළේය.

“මේ 20 වෙනිදා වැටුප් ගෙවීමට අදාළ බැංකුවලට අවශ්‍ය උපදෙස් ලබාදීලා නෑ. ගුරුවරුන්ගේ වැටුප් ගෙවන්නේ කලාප අධ්‍යාපන කාර්යාල හරහා. එයට අවශ්‍ය උපදෙස් ලැබී නෑ. සියලුදෙනා ඉන්නේ වැටුප බලාගෙන. මේක නොලැබුණේ ඇයි කියලා හොයලා බලන්න ඕනේ.”

Related Articles

Back to top button