Sports

ඉන්දීය සහ ඔස්ට්‍රේලියානු ක්‍රිකට් තරඟයේ ප්‍රවේශපත් දැනටමත් විකිණී අවසන්

ඉන්දීය සහ ඔස්ට්‍රේලියානු ක්‍රිකට් තරඟයේ ප්‍රවේශපත් දැනටමත් විකිණී අවසන්

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම ඉදිරියේදී සිදුකිරීමට නියමිත ඔස්ට්‍රේලියානු තරග සංචාරයේ, එක්දින තරගයක හා විස්සයි20 තරගයක ප්‍රවේශපත් දැනටමත් අලෙවි වී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

මෙලෙස අවසන් වී ඇත්තේ සිඩ්නි හිදී පැවැත්වෙන එක්දින තරගයේ සහ කැන්බරා හිදී පැවැත්වෙන විස්සයි20 තරගයේ ප්‍රවේශපත් බව සඳහන්.

එක්දින තරග 3කින් හා විස්සයි20 තරග 5කින් යුත් තරගාවලියක් සඳහා ඉන්දීය කණ්ඩායම එළැඹෙන ඔක්තෝබර් මස මැදදී ඔස්ට්‍රේලියාවේ සංචාරයක නිතර වේ.

ඉන් ඔස්තෝබර් 25 වනදා පැවැත්වෙන එක්දින තරගයේ හා ඔක්තෝබර් 29 පැවැත්වෙන විස්සයි20 තරගයේ ප්‍රවේශපත් මෙලෙස අලෙවි වී ඇත.

ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය දන්වා ඇත්තේ, අලෙවි වී ඇති ප්‍රවේශපත් වලින් 16% කට වඩා මිලදීගෙන ඇත්තේ ඉන්දීය ක්‍රීඩාලෝලීන් බවයි.

එමෙන්ම නොවැම්බර් 8වනදා ගැබා හිදී පැවැත්වෙන විස්සයි20 තරගය සඳහා එක් පුද්ගලයෙකු ප්‍රවේශපත් 880ක් මිලදීගෙන ඇති බවත් ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය පවසයි.

ඔස්ට්‍රේලියාව විසින් විශේෂ සීමාවන් පැනවූවොත් හැරෙන්න එක් පුද්ගලයන්ට ජාත්‍යන්තර ක්‍රිකට් තරගයක ප්‍රවේශපත් රැසක් මිලදී ගැනීමට අවස්ථාව සලසා ඇත.

Related Articles

Back to top button