Local News

කොළඹ එක්සත් ජනපද තානාපති කාර්යාලය ශ්‍රී ලාංකිකයින්ට සහ අනෙකුත් විදේශීය සංචාරකයින්ට අනතුරු ඇඟවීමක් නිකුත් කරයි

කොළඹ එක්සත් ජනපද තානාපති කාර්යාලය ශ්‍රී ලාංකිකයින්ට සහ අනෙකුත් විදේශීය සංචාරකයින්ට අනතුරු ඇඟවීමක් නිකුත් කරයි

කොළඹ එක්සත් ජනපද තානාපති කාර්යාලය ශ්‍රී ලාංකිකයින්ට සහ අනෙකුත් විදේශීය සංචාරකයින්ට අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව, සිය දරුවාට එක්සත් ජනපද පුරවැසිභාවය ලබා ගැනීම සඳහා දරු ප්‍රසූතියක් කිරීමේ අරමුණින් සංචාරක වීසා මත එක්සත් ජනපදයට එන පුද්ගලයින්ට අනාගතයේදී වීසා ප්‍රතික්ෂේප වීමේ අවදානමක් ඇති බවටයි ඔවුන් මෙසේ අනතුරු අඟවා ඇත්තේ.

X පණිවිඩයක් මගින් තානාපති කාර්යාලය සඳහන් කර ඇත්තේ, එවැනි සංචාරකයින් බොහෝ විට එක්සත් ජනපද රජයෙන් අරමුදල් සපයන වෛද්‍ය ආධාර මත විශ්වාසය තබන බවත්, එමඟින් අමෙරිකානු බදු ගෙවන්නන් මත මූල්‍යමය බර පැටවෙන බවත්.
පුරවැසි ප්‍රතිලාභ සඳහා දරු ප්‍රසූතිය අයදුම්කරුවෙකුගේ ප්‍රධාන අරමුණයැයි ඔවුන් විශ්වාස කරන්නේ නම් සංචාරක වීසා ප්‍රතික්ෂේප කරන ලෙස එක්සත් ජනපද කොන්සියුලර් නිලධාරීන්ට උපදෙස් දී ඇති බවයි තානාපති කාර්යාලය සඳහන් කළේ.

Related Articles

Back to top button