
කිරිබත්ගොඩ පොලිස් ස්ථානය මගින් සිදු කරන ලද වැටලීමකදී ටී – 56 ගිනි අවියක් සන්තකයේ තබාගෙන ත්රීරෝද රථයකින් ගමන් කරමින් සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබූ අතර එම සැකකරුගෙන් අනාවරණය වූ තොරතුරු මත වව්නියාව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින් පසුගිය මස 21 වැනිදා අත්බෝම්බ සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබුණා.
එම සැකකරු ත්රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය භාරයට ගෙන සිදු කරන ලද වැඩිදුර විමර්ශනවලදී තවත් අත්බෝම්බ සන්තකයේ තබා ගෙන සිටින සැකකරුවෙකු හා එම ක්රියාකාරකම්වලට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු පිළිබදව තොරතුරු අනාවරණය වී තිබෙනවා.
ඒ අනුව එම සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගැනීම සඳහා ත්රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් වව්නියාව ප්රදේශයට ගොස් තිබූ අතර, ඒ වන විට සැකකරුවන් තම පදිංචි ප්රදේශයන් අතහැර පලා ගොස් ඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ.
ඒ අනුව, එම සැකකරුවන් තිදෙනාගේ විස්තර පහත පරිදිවන අතර, එම සැකකරුවන් සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් පහත දුරකථන අංක වෙත දැනුම් දෙන ලෙසයි පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.
සැකකරුවන්ගේ විස්තර
01. සම්පූර්ණ නම – ජිවරාස සුජීපන්
වයස – අවුරුදු 30
ලිපිනය – ගාන්ධි නගර්, නෙරියකුලම, වව්නියාව
ජා.හැ.අංකය – 950554215V
02. සම්පූර්ණ නම – ඉලන්කෝ ඉසයිවිතන්
වයස – 27
ලිපිනය – අංක 379, 03 වන කොටස, මැණික්ෆාම්, සෙට්ටිකුලම්
ජා.හැ.අංකය – 199836210402
03. සම්පූර්ණ නම – මහේන්දිරන් යෝගරාසා
වයස – 27
ලිපිනය – අරාලි බටහිර, වඩුකොට්ටෙයි
ජා.හැ.අංකය – 981633881V
දුරකතන අංක – ස්ථානාධිපති, ත්රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය – 071-8591966
ස්ථානාධිපති, විමර්ශ අංශ 01 – 071-8596150



