Sports

කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

ශ්‍රී ලංකාව – සිම්බාබ්වේ තරග 3කින් යුත් විස්සයි20 ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් අද (3) පැවැත්වෙන පළමු තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක චරිත් අසලංක පළමුව පන්දු යැවීමට තීරණය කළේය.

මෙම තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමට දුශාන් හේමන්ත කැඳවා ඇති අතර, ඔහු විස්සයි20 තරගයක් ක්‍රීඩාකරන පළමු අවස්ථාව මෙය වේ.

මේ අතර මෙය සිම්බාබ්වේ දී ශ්‍රී ලංකාව ක්‍රීඩාකරන පළමු විස්සයි20 ක්‍රිකට් තරගය වේ.

2008 වසරේ සිට දෙරට අතර මේ දක්වා විස්සයි20 තරග 6ක් පැවැත්වී ඇති අතර, ඉන් තරග 5ක් ශ්‍රී ලංකාව ජයගෙන තිබේ.

එක් තරගයක ජය සිම්බාබ්වේ විසින් තහවුරු කරගෙන ඇත.

Related Articles

Back to top button