Local News

හම්බන්තොට ‘රන්මිණි තැන්න ටෙලිගම’ මෙරට ටෙලි සිනමා ව්‍යාපාරයට එක් කර ගැනීමට රජය පියවර

හම්බන්තොට ‘රන්මිණි තැන්න ටෙලිගම’ මෙරට ටෙලි සිනමා ව්‍යාපාරයට එක් කර ගැනීමට රජය පියවර

හම්බන්තොට  ‘රන්මිණි තැන්න ටෙලිගම’ මෙරට ටෙලි සිනමා ව්‍යාපාරයට එක් කර ගැනීමට රජය පියවර ගෙන ඇතැයි බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි පවසනවා.

මෙමගින් ලංකාවේ ටෙලි සිනමා කර්මාන්තය දියුණු කිරීමේ දැවැන්ත වු විද්‍යාමක වැඩසටහනක් සකස් කිරීමට පියවර ගන්නා බවද ඔහු සඳහන් කරනවා.

රන්මිණි තැන්න ටෙලි සිනමා උද්‍යානය ලාභදායී ආයතනයක් බවට පත් කොට ටෙලි සිනමා ක්ෂේත්‍රවල නිරත කලාකරුවන්ට සුවිශේෂ මෙහෙවරක් ඉටු කළ හැකි මට්ටමට ගෙන ඒමට  පියවර ගන්නා බව ඇමතිවරයා අවධාරනය කරනවා.

ගොඩනැගිලි හා පසුතල නිර්මාණ කටයුතු වැඩි දියුණු කිරීම, ක්‍රමෝපායික ප්‍රවර්ධන සැලැස්මක් ඔස්සේ ටෙලි සිනමා උද්‍යානය ප්‍රචලිත කිරීම හා දෙස් විදෙස් සංචාරක ආකර්ෂණයක් සහිත ස්ථානයක් කිරීම අරමුණ බවද අමාත්‍ය සුනිල් සෙනෙවි පවසා සිටිනවා.

Related Articles

Back to top button