Local News

නා උයනේ හිමිවරුන්ගේ ආදාහන පූජෝත්සවය 27

නා උයනේ හිමිවරුන්ගේ ආදාහන පූජෝත්සවය 27

කුරුණෑගල – මැල්සිරිපුර – පන්සියගම නා උයන ආරණ්‍ය සේනාසනයේ පිහිටි කේබල් ආධාරයෙන් ගමන් කරන ඩක්කුවක් කඩා වැටීමෙන් සිදුවූ අනතුරින් අපවත් වූ භික්ෂූන් වහන්සේලාගේ ආදාහන පූජෝත්සවය අනිද්දා (27) පස්වරු 01.30 ට සිදුකිරීමට නියමිත බව ආදාහන කමිටුව නිවේදනය කරනවා.

එමෙන්ම, එම කටයුතුවලට අදාළ සාකච්ඡාවක් අද (25) රාත්‍රී 07 ට පැවැත්වුණා.

මේ අතර, මෙම සිද්ධියෙන් අපවත් වූ භික්ෂුන් වහන්සේ අතර සිටින විදේශීය භික්ෂූන්ගේ දේහයන් පිළිබද ගන්නා ක්‍රියාමාර්ග පිලිබඳ විදේශ අමාත්‍යංශය සමග එක්ව කටයුතු කරන බව නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර ප්‍රකාශ කළා.

එමෙන්ම උන්වහන්සේලාගේ දේහයන් මව් රටවල්වලට රැගෙන යාමට ඉල්ලීම් ලැබුණහොත් ඊට අදාළ පාර්ශ්ව මේ වන විට දැනුවත් කර ඇති බව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් ගාමිණි සේනාරත්න ප්‍රකාශ කළා.

ඊයේ රාත්‍රී 09 ට පමණ මෙම අනතුර සිදුව තිබූ අතර, එහි ගමන් කළ භික්ෂූන් වහන්සේලා හත්නමක් අපවත් වුණා.

ඒ,අනුව එම අනතුරින් පූජ්‍ය නුගේගොඩ විපස්සි හිමි, පූජ්‍ය රුසියාවේ ධම්මරක්ඛිත හිමි, පූජ්‍ය උඩවලවේ සන්තසුමන හිමි, පූජ්‍ය රුමේනියාවේ ධම්මරංසි හිමි, පූජ්‍ය මල්වානේගම සමිද්ධි හිමි, පූජ්‍ය නාවලපිටියේ උත්තරානන්ද හිමි සහ පූජ්‍ය ඉන්දියාවේ ධම්මගවේසී හිමි යන භික්ෂූන් වහන්සේලා පිරිස අපවත් වුණා.

බරපතල තුවාල ලැබූ තවත් භික්ෂූන් වහන්සේ 06 නමක් කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කළ අතර, උන් වහන්සේ දෙනමකගේ තත්ත්වය බරපතල බවයි රෝහල් ආරංචි මාර්ග සදහන් කළේ. අපවත් වූ භික්ෂුන් වහන්සේ අතර විදේශීය භික්ෂූන් වහන්සේ තුන් නමක්ද සිටිනවා.

කුරුණෑගල – මැල්සිරිපුර – පන්සියගම පිහිටි නා උයන ආරණ්‍ය සේනාසනයේ දෙස් විදෙස් භික්ෂු භික්ෂුණී වහන්සේ 350 කට ආසන්න සංඛ්‍යාවක් නේවාසිකව භාවනානුයෝගීව වැඩ වසනවා.

Related Articles

Back to top button