Local News

කතරගම වෙහෙරගල වැවට දමා ඇතැයි සැලකෙන ආයුධ සොයා අදත් සෝදිසි මෙහෙයුම්

කතරගම වෙහෙරගල වැවට දමා ඇතැයි සැලකෙන ආයුධ සොයා අදත් සෝදිසි මෙහෙයුම්

කතරගම වෙහෙරගල වැවට දමා ඇතැයි සැලකෙන ආයුධ සොයා අදත් සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කරන බව පොලිසිය පවසනවා.

යුධ හමුදා බුද්ධි අංශ නිලධාරීයෙකු ලබාදුන් තොරතුරකට අනුව, ඊයේ පස්වරුවේ වෙහෙරගල වැවේ තිබී T-56 හිස් මැගසින් 74 ක්, LMG හිස් මැගසින් 36 ක්, සහ MPMG ඩ්‍රම්ස් බොක්ස් 05 ක් සොයාගෙන තිබුණා.

දැනට එම ආයුධ ගෝනගංආර පොලිසියට භාරදී ඇති අතර, එම ආයුධ වැවට ගෙනැවිත් දැමුවේ කවුරුන්ද යන්න තහවුරු කර ගැනීම සඳහා විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

Related Articles

Back to top button