Local News

ජනප්‍රිය නිළි හර්ෂි රසාංගා අත්අඩංගුවට… මෙන්න සම්පූර්ණ විස්තරය

ජනප්‍රිය නිළි හර්ෂි රසාංගා අත්අඩංගුවට... මෙන්න සම්පූර්ණ විස්තරය

හිතවතෙකුගේ රුපියල් ලක්ෂ 9 කට අධික වටිනාකමකින් යුත් රන් මාලයක් ලබාගෙන එය නැවත ලබා නොදී හිමිකරුගේ අනුදැනුමකින් තොරව උකස් කිරීමේ සිද්ධියකට අදාලව තලංගම පොලිසිය අත්අඩංගුවට ගත් නව පරපුරේ නිලි හර්ෂි රසංගා රුපියල් ලක්ෂ 5ක ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කඩුවෙල අධිකරණය නියම කර තිබෙනවා.

එමෙන්ම, අදාල රන් මාලය ලබන 22 වැනිදා අධිකරණයට ඉදිරිපත් කිරීමට අධිකරණයෙන් තලංගම පොලිසියට නියම කළා.

මෙම සැකකාරිය අදාල රන් මාලය බත්තරමුරමුල්ල ප්‍රදේශයේ මූල්‍ය ආයතනයකට උකස් තබා රුපියල් ලක්ෂ 6 ක මුදලක් ලබා ගෙන ඇතැයි එම රන් මාලයේ හිමිකරු කරන ලද පැමිණිල්ලකට අදාලව තලංගම පොලිසියේ විවිධ පැමිණිලි අංශය මගින් ඇය අත්තඩංගුවට ගෙන තිබුණා.

එහිදී සැකකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ ප්‍රකාශ කර සිටියේ තම සේවාදායිකාව එම මාලය උකස් කර ඇති බවත් එය බේරා ගෙන හිමිකරුට නැවත ලබාදීමට හැකියාව පවතින බවත්ය.

ඒ අනුව, ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය, සැකකාරිය රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප 2ක් මත මුදා හැරීමට නියම කළා.

ඉදිරි දිනට අදාල රන් මාලය තලංගම පොලිස් ස්ථානය මගින් භාරගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමටද මෙහිදි නියම වුණා.

එම නඩුව ලබන අප්‍රේල් මස 22 වැනිදා යළි කැඳවීමට නියමිතයි.

Related Articles

Back to top button