කොළඹ, වෝඩ් පෙදෙසේ නවතා තිබූ ත්‍රිරෝද රථයක් තුළ තිබී තියුණු ආයුධවලින් පහර දී ඝාතනය කළ පිරිමි පුද්ගලයෙකුගේ මළ සිරුරක් හමුවී තිබේ.
mawbima.lk සිදු කළ විමසීමකදී පොලිස් මාධ්‍ය කොට්ඨාසය මේ බව සඳහන් කළේ ය.
මිය ගොස් ඇත්තේ, වයස අවුරුදු 33ක්වූ ගොඩකවෙල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ, අද (ජූලි 23) අලුයම 12:30ත් 1:00 ත් අතර කාලසීමාවේ පොලිසියට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කළ බව ය.
මේ පිළිබඳව කුරුදුවත්ත පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.