Local News

මධ්‍යම අධිවේගයේ පළමු අදියරේ ඉදිකිරීම් යළි ඇරඹීමට සැලසුම්

මධ්‍යම අධිවේගයේ පළමු අදියරේ ඉදිකිරීම් යළි ඇරඹීමට සැලසුම්

නතර කර ඇති මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු අදිරයේ ඉදිකිරීම් ඉදිරි මාස දෙක තුළ ආරම්භ කරන බව ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන පවසයි.

නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ ඊට අදාළ ණය වාරිකය සඳහා චීන එක්සිම් බැංකුවේ අනුමැතිය අපේක්ෂාවෙන් සිටින බවයි.

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ චීන නිල සංචාරය අතරතුර පැවති සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස එහි ඉදිකිරීම් යළි ආරම්භ කරන බව ඔහු වැඩිදුරටත් පවසයි.

එම මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු අදියර වන්නේ කඩවත සිට මීරිගම දක්වා කොටසයි.

Related Articles

Back to top button