World

ඇලස්කාවේ නෝම් නගරය ආසන්නයේදී මගීන් දස දෙනෙකු රැගත් ගුවන් යානයක් අතුරුදහන් වෙයි

ඇලස්කාවේ නෝම් නගරය ආසන්නයේදී මගීන් දස දෙනෙකු රැගත් ගුවන් යානයක් අතුරුදහන් වෙයි

ඇලස්කාවේ නෝම් නගරය ආසන්නයේදී මගීන් දස දෙනෙකු රැගත් ගුවන් යානයක් අතුරුදහන් වී තිබෙනවා.

විදෙස් වාර්තා සදහන් කළේ, බේරින් ගුවන් සේවයට අයත් යානයක් මෙලෙස අතුරුදන් වී ඇති අතර, සිද්ධිය වන අවස්ථාවේ යානය තුළ මගීන් 09 දෙනෙකු සහ නියමුවා සිට ඇති බවයි.

කෙසේ වෙතත්, එරට නිලධාරීන්ට අනුව අදාළ ගුවන් යානය කඩා වැටීමට ඉඩ ඇති බව සදහන්.

මේ වන විට සෝදිසි මෙහෙයුම් ආරම්භ වී ඇති අතර, ඊට කාලගුණයෙන් බාධා එල්ල වී ඇති බව ද විදෙස් වාර්තා සදහන් කළා.

Related Articles

Back to top button