Local News

සියඹලාණ්ඩුව සූර්ය බලශක්ති ව්‍යාපෘතියට හෙක්ටයාර 219.7ක ඉඩම් ප්‍රදානයක්

සියඹලාණ්ඩුව සූර්ය බලශක්ති ව්‍යාපෘතියට හෙක්ටයාර 219.7ක ඉඩම් ප්‍රදානයක්

2030 වන විට මෙරට විදුලිබල ඉල්ලුමෙන් 70%ක් පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගෙන් සපුරා ගැනීමට රජය අපේක්ෂා කර තිබේ.

ඒ අනුව සියඹලාණ්ඩුව මෙගාවෝට් 100 සූර්ය විදුලිබල උද්‍යාන පහසුකම එක් ප්‍රධාන ව්‍යාපෘතියක් වශයෙන් හඳුනාගෙන තිබේ.

එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ගොවිතැන් කටයුතු හෝ වෙනත් වගාවන් සිදු නොකරන හෙක්ටයාර 219.7233ක භූමි භාගයක් හඳුනාගෙන ඇත.

එබැවින් බැවින් යෝජිත ව්‍යාපෘතියේ උපායමාර්ගික වැදගත්කම සැලකිල්ලට ගනිමින් කඩිනමින් ආරම්භ කිරීමට හැකි වන පරිදි හෙක්ටයාර 219.7233ක ඉඩම ප්‍රදානයක් වශයෙන් ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය වෙත ලබා දීම පිණිස බලශක්ති අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ

Related Articles

Back to top button